2005 වසරේදී රන්සිළු එන්ටර්ප්‍රයිසස් නමින් ආරම්භ කරන ලද අප ආයතනය ශ්‍රී ලංකාවේ CD කැසට් නිෂ්පාදන ආයතනයකි. ශ්‍රී ලංකාවේ අංක එකේ රන්සිළු කවි බණ, විරිදු බණ නිෂ්පාදනය කරන ලද්දේ අප විසිනි. ශ්‍රී ලංකාවේ සියලුම ගායික ගායිකාවන්ගේ ගී ඇල්බම් CD, VCD කැසට් වශයෙන් අප ආයතනය විශාල වශයෙන් නිෂ්පාදනය කර ඇත. ඒ වගේම ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය විශාල වශයෙන් අප ආයතනය නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ ජනප්‍රිය මෙගා ටෙලිනාට්‍යයක් වන “පබා” ටෙලි නාට්‍ය ද අප ආයතනයේ නිෂ්පාදනයකි. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ දේවි ටෙලි නාට්‍ය, සේපාලිකා ටෙලි නාට්‍ය එයින් කීපයකි. ශ්‍රීමාලි, Sound Lanka ලේබලය යටතේ සහ නිල්වලා ලේබලය යටතේ නිෂ්පාදන වූ CD, DVD කැසට් යන ගීත ඇල්බම් අප ආයතනය විසින් මිල දී ගන්නා ලදී. එම ලේබල් යටතේ නිෂ්පාදන කළ ගීත ඇල්බම් අප ආයතනය සතුය.ළමුන් සඳහා නිෂ්පාදනය කරන ලදී “මගේ පොඩි යාළු” ගීත ඇල්බම් ළමුන් සඳහාම අප ආයතනය විසින් නිෂ්පාදනය කරන ලදී.