Welcome To Ransilu Production
  • 09:00 am - 06:00 pm
  • Music video · Movie & Music Store
  • +94 707 423 223
  • Discuss any Queries

Ransilu Production

2005 වසරේදී රන්සිළු එන්ටර්ප්‍රයිසස් නමින් ආරම්භ කරන ලද අප ආයතනය ශ්‍රී ලංකාවේ CD කැසට් නිෂ්පාදන ආයතනයකි. ශ්‍රී ලංකාවේ අංක එකේ රන්සිළු කවි බණ, විරිදු බණ නිෂ්පාදනය කරන ලද්දේ අප විසිනි. ශ්‍රී ලංකාවේ සියලුම ගායික ගායිකාවන්ගේ ගී ඇල්බම් CD, VCD කැසට් වශයෙන් අප ආයතනය විශාල වශයෙන් නිෂ්පාදනය කර ඇත.

ඒ වගේම ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය විශාල වශයෙන් අප ආයතනය නිෂ්පාදනය කර ඇත. ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ ජනප්‍රිය මෙගා ටෙලිනාට්‍යයක් වන “පබා” ටෙලි නාට්‍ය ද අප ආයතනයේ නිෂ්පාදනයකි. බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබූ දේවි ටෙලි නාට්‍ය, සේපාලිකා ටෙලි නාට්‍ය එයින් කීපයකි.

ශ්‍රීමාලි, Sound Lanka ලේබලය යටතේ සහ නිල්වලා ලේබලය යටතේ නිෂ්පාදන වූ CD, VCD කැසට් යන ගීත ඇල්බම් අප ආයතනය විසින් මිල දී ගන්නා ලදී. එම ලේබල් යටතේ නිෂ්පාදන කළ ගීත ඇල්බම් අප ආයතනය සතුය. ළමුන් සඳහා නිෂ්පාදනය කරන ලදී “මගේ පොඩි යාළු” ගීත ඇල්බම් ළමුන් සඳහාම අප ආයතනය විසින් නිෂ්පාදනය කරන ලදී.

අප ආයතනය මඟින් දිවයිනේ ප්‍රථම වරට කවි බන සහ කැසට් වශයෙන් නිෂ්පාදනය කර බෙදා හරිනු ලැබුණි. ප්‍රකට රන්සිළු කවි බණ ලෙසින් ඉතා ජනප්‍රිය භාවයක් ලැබුණි. රන්සිළු ආයතනය මඟින් ගී ලොවට හඳුන්වා දුන් චාමර වීරසිංහ, ප්‍රනාන්දු, පර්පල් රේන්ජ් වැනි කලාකරුවන් විශාල ප්‍රමාණයක් සිටිති. ගී ලොවට පමණක් නොව ටෙලි නාට්‍ය කලාවට ද හඳුන්වා දුන් අද වන විට ජනප්‍රියත්වයේ ඉහළ තලයේ සිටින විශාල කලා තරු රාශියක් ඇත.

Coming Soon…